නූතන මානව සම්පත් කළමනාකරුවන් සේවක අභිප්‍රේරණයේදී මුහුනදෙන බලවත්
ගැටළුවක් වන්නේ ශ්‍රම සම්පත විවිධාංගීකරනය වී තිබීමය, ඊට අමතරව කාර්‍යඵල වැඩසටහන් කෙරෙහි
ගෙවීම් කිරීම , පහල වේතන ලබන්නන් අභිප්‍රේරණය හා ඉහල කළමනාකරණය අභිප්‍රේරණය කිරීම වැනි
දුෂ්කර අවස්ථාවන් වේ.
විවිධාංගීකරණය වූ සේවක
සම්පත යන්නේදී වර්තමානයේ දක්නට ලැබෙන තත්වයන් කිහිපයක් ඇත. මින් පළමුවැන්න නම් පුරුෂ
පාර්ශවය තම ස්වාධිපත්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමුකිරීමය. සාපේක්ෂව කාන්තාවන්ට වඩා
පුරුෂයන් තම ස්වාධිපත්‍ය වැදගත්කම ගැන සැලකිලිමත් වේ. උදාහරණයක් ලෙස යම් වැඩක් ස්වාධීනව කිරීමට ඉගැනීම හා කැමත්ත , පහසු ශ්‍රම කාලයන් අපේක්ෂා කිරීම,
හොඳ අන්තර් පුද්ගල සබඳතා කෙරෙහි අවධානය යොමුකිරීම
ආදිය පුරුෂ පාර්ශවයෙන් වැඩිපුර දැකිය හැක. ඒ හැරෙන්නට කළමනාකරුවන් තම සේවකයන් පැහැදිලි
වර්ගීකරණයකට ලක්කිරීම කල යුතුය. ස්ථිර, අනියම්, පූර්ණ කාලීන හා අර්ධකාලීන සේවකයන් ආයතනය
තුල සිටිය හැක. කළමනාකරු සෑමවිටකම අභිප්‍රේරණය
කලයුතු ආ එක් එක් කණ්ඩායම කෙරෙහි උචිත අභිප්‍රේරණ උපක්‍රම හා ක්‍රමවේදයන් කෙරෙහි යොමුවිය
යුතුය.
සේවකයන් විවිධ වූ පුද්ගල
වුවමනා හා අභිමතාර්ථ තම රැකියාව තුලින් පරිපූර්ණ කරගැනීමට අපේක්ෂා කරයි. එම නිසා
විවිධ වූ අභිප්‍රේරණ ක්‍රමෝපයන් , පාරිතෝෂිකයන් සැකැස්මක් කෙරෙහි අවධානය යොමුකරමින්
මෙම විවිධ වූ සේවක අභිමතර්ථ ඉටුකිරීමේ හා පරිපූර්ණ කිරීමට කළමනාකරු ළඟාවිය යුතුය.
වර්ථමානයේ මානව සම්පත්
කළමනාකරුවන් සිදුකරන්නාවූ විශාලතම වැරැද්දක් ඇත. එනම් සංස්කෘතික හා සාමජීය විවිධත්වයන්(Cultural and Social differences) කෙරෙහි අවධානය යොමු නොකිරීමයි. අදවනවිට බොහෝ රටවල
භාවිතා කරනුයේ බටහිර රටවලින් පැනනැඟුනු න්‍යායන් හා ක්‍රමවේදයන්ය. මෙම න්‍යායන් නිර්මාණය කොට ඇත්තේ
එම රටවල සංස්කෘතික හා සාමාජීය ස්වභාවයන්ට හුරුවූ මානව සම්පත් සැලකිල්ලට ගෙන ඔවුන් මත්
පදනම් වෙමිනි. එහෙත් අප කරන්නේ ඍජුවම එම න්‍යායන් අප රටටද ආදේශ කරන්නට උත්සාහ දැරීමයි.
මෙය ඉතා අහිතකර තත්වයකි, මන්දයත් ආසියාතික රටවල සංස්කෘතික හා සාමාජීය සංදර්භයන් බටහිර
රටවල් අහසට පොලව මෙන් වන බැවිනි. එම නිසා කලයුතු වන්නේ අභිප්‍රේරණ ක්‍රමවේදයන් පදනම්
වන න්‍යායන් මෙරට පරිචයට ගැලපෙන පරිදි ගැලපීම් කිරීම් හා ඊට අනුගත වීමය. උදාහරණයක්
ලෙස මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය වඩාත් උචිත වනුයේ බටහිර සංස්කෘතියටය. ස්වාර්ථය (
self-interest) බොහෝ විට පවතින්නේ ධනවාදී රටවලය. එනම් ඒවායේ පුද්ගලවාදය ක්‍රියාත්මක
වන නිසාය, නමුත් බොහෝ දියුනු වෙමින් පවතින රටවල එසේ නොවේ. සාමූහිකත්ව වාදය වැදගත් ලෙස සලකන
රටවල්වලට ආරක්ෂණ අවශ්‍යතා ( Security needs) ස්වාත්මඵල සාධනයට (Self
actualization) වඩා වැදගත් ලෙස සලකනු ලබයි.
එසේම සාධරනත්ව න්‍යායද (Equity theory) දැඩිලෙස ඇමරිකානු
ආභාසයක් ඇති න්‍යායකි. එම් රටවල සේවකයින් තම කාර්‍යඵල වලට සමානව පාරිතෝෂිකයන් හා අගයකිරීම්
අපේක්ෂා කරන ලදී. ඒ තම පුද්ගලවාදී අදහස් මුදුන්පමුනුවා ගැනීමටය. එසේම කොමියුනිස්ට්
හා මධ්‍ය සැළසුම් ආර්ථිකයන්හි සේවකයින්ද තම යෙදවුම් වලට වඩා වඩා වැඩි වැටුපක් ලබාගැනීමට
අපේක්ෂා කරන ලදී.
මේ ආකාරයට සෑම කළමනාකරුවකුම
තම සේවකයන් කෙරෙහි වූ අභිප්‍රේරණ ක්‍රමෝපායන් සැළසීමේදී සංස්කෘතිමය වෙනස්කම් සිදුකිරීමට
හා ඔවුන්ගේ පරිසර හ වැඩ තත්වයන් කෙරෙහි මනා අවධානය යොමුකල යුතුය. කිසිවිටකත් සැමටම
පොදු වූ ක්‍රමෝපයන්ට යොමු නොවීමටද වගබලාගත යුතුය.