ලෝකයේ
දැනට පවත්වා ඇති සේවක සමීක්ෂණ වලට අනුව ((පුහුනු කිරීම් වලින් පසුව හා පෙර) බොහෝමයක්
සොයාගැනීම් තුලින් හෙලිකරගෙන් ඇත්තේ කළමනාකරුවන් සඳහා පුහුනුවක් හා සංවර්ධනයක් ලබාදිය
යුතු බවට සේවකයන් අතර මතයක් හා ආකල්පයක් ඇති බවයි. තවදුරටත් සඳහන් වන්නේ සේවකයන් තම කළමනාකරුවන්ගෙන්
අන්තර් පුද්ගල හා නායකත්ව කුසලතාවල වර්ධනයක් අපේක්ෂා කරන බවයි.
සැබැවින්ම
මෙය සේවකයාගේ සංජානනය (perception) වේ. ඇතැම් විට මෙය යථාර්ථය විය හැක, නමුත් සිතා
බැලිය යුතු කරුන වන්නේ තව දුරටත් මෙය මෙසේ විය යුතුද යන්නය. මෙලෙස සේවකයා තම කළමනාකරු
කෙරෙහි පවත්නා දුර්මත සංජානනය, චිත්ත ධෛර්‍යය (morale) හා කාර්‍යඵල අඩු කිරීමෙහිලා
හේතුවක් විය හැකි බව මතක තබා ගත යුතුය.
එසේනම් කළමනාකරුවන් විසින්
කල යුතු වන්නේ කුමක්ද?
පළමුව
සෑම කළමනාකරුවකුම තම ක්‍රියාවන් හා ප්‍රකාශයන් සේවකයන් කෙසේ සංජානනය කරයිද යන්න කෙරෙහි මනා අවධානයකින් සිටිය යුතු වේ. කළමනාකරු
සැමවිටම සත්‍යවාදී වියයුතුය. එනම් කියනදේ කරන්නෙකු
වියයුතුය. මන්දයත් සේවකයින් නිතරම ඇස යොමුකරන්නේ වචන වලට වඩා කළමනාකරුවන්ගේ ක්‍රියාවන්
වෙතටය. ඔබ යම් වැඩක් කරන්න ඕනෑ ආකාරය කියනවාට වඩා එකවරක් හෝ එය මෙසේ කරන්නයැයි සිදුකර
පෙන්වන්නේ නම් එය කෙතරම් අගනේද? මක්නිසාදයත් ඔබේ වචනය ,ඔබම එය කිරීමට පෙර එම ක්‍රියාව කොතරම් සරල හෝ අසීරුදැයි තෙරුම්
නොගන්නා බැවිනි.
දෙවැන්න
මනා වූ සන්නිවේදනයයි. සන්නිවේදන ප්‍රවාහය සමස්ත සංවිධානයේ ව්‍යුහය පුරා සාර්ථකව, අවශ්‍ය
ස්ථාන කරා ක්‍රියාත්මක විය යුතුය. සන්නිවේදන මාධ්‍යයන් හා නලිකාවන් හැකි සෑම විටකම
නව තාක්ෂණයට හා සංවිධාන ව්‍යුහයට අනුගත වන පරිදි වෙනස්විය යුතුය.
තුන්වැනි
කාරණය නම්, සෑම කළමනාකරුවකුම තම පිරිස මුහුනදෙන ගැටළු කෙරෙහි නිරන්තර අවධානය යොමු කිරීමේ
හැකියාව තිබිය යුතුය. සරලව කිවහොත් ඒවා හදුනාගැනීමට ඉවක් තිබිය යුතුය. බොහෝ දුරට මෙම
ගැටළු මතුවන්නේ ව්‍යාපාරයේ අභ්‍යන්තර හ බාහිර පරිසරයේ සිදුවන වෙනස්කම් නිසාවෙනි. වෙනස්වීම්
මත ඇතිවන්නා වූ මෙම ගැටළු සහගත තත්වයන් හා ආතතීන් අවම කර ගැනීමට සේව්‍ය සේවක දෙපාර්ශවයම
සාමූහිකව ක්‍රියාකිරීමේ අවශ්‍යතවයක් ඇත.
වර්තමානයේ
බොහෝමයක් ව්‍යාපාර ඉහල මට්ටමක සේවක පිරිවැටුමක් අත්විඳිමින් සිටියි. නමුත් කළමනාකරුවන්
තුල ඇති අවධානය හා විමර්ශන කිරීම් ඒ සඳහා යොමුවන්නේ ඉතා කලාතුරකිනි. එය එසේ නොවිය යුතුය,
මන්දයත් නිශ්චිත හා මනා සුපරීක්ශනය තුලින් ඇතිවන්නට යන සැබෑ ගත හැකි බැවිනි.
එක්තරා
වැඩ බිමක සේවකයන් නිතර හිසරදයට හා වෙව්ලීම් වලට ලක්විය. ඔවුන් කෙරෙහි වෛද්‍ය ප්‍රතිකාර
ලබාදීමට හා නිවාඩු ලබා දීමේ ගැටළු රාශියකට
කළමනාකරුට මුහුන දීමට් සිදුවිය. ඔවුන් කෙරෙහි නිරන්තර අවධානයක් යොමුකිරීමට සිදුවීමෙන්
ආයතනික ගැටලු ඇතිවිය. සිදුකල ගවේශනයකින් හෙලිවූයේ වැඩබිමෙහි වායුසමීකරණ දෝෂයකින් එහි
උෂ්නත්වය නිරන්තර වෙනස් වීමෙන් අධික ශීත හා උෂ්ණ තත්වයන් වැඩබිම තුල ඇතිවීමෙන් මෙම
සේවකයන්ට අසනීප තත්වයන් ඇති වී ඇති බවයි.
අද
වනවිට ඇති වී ඇති තවත් ගැටලුවක් වී ඇත්තේ සංවිධානයේ සියලුම මට්ටම් මත පනවා ඇති අධික
කාර්‍යභාරයන් ප්‍රමාණයයි. ප්‍රතිව්‍යහගතකරණය, රැකියා පෝෂණය , සේවක කණ්ඩායම් ප්‍රමාණය
කුඩා කිරීම මේ සඳහා හේතු වී ඇත. සැබවින්ම මේ
සඳහා සේවකයා හෝ සේවක කණ්ඩයම කෙරෙනි ඉහල සමාලෝචනයක් හා විමර්ශනයක් පලමුව කලයතුය. ඔවුන්ගේ
කාර්‍යක්ෂමතාවය හා ඵලදායීතාවය එකිනෙකට වෙනස් වේ, එබැවින් පැවරිය යුතු රාජකාරී ප්‍රමාණය
ඊට අනුරූපව වෙනස්විය යුතුය.
බොහෝ
දුරට මෙම ගැටලු තත්වයන් ඇතිවන්නේ ආයතනයේ සිදුකරන්නට යන වෙනස්කම් නිසාවෙන් බව පෙර සඳහන්
කලෙමු. එසේනම් ඊට කලයුතු සුදුසුම විකල්පය වන්නේ දැනට පවත්නා ක්‍රියා පටිපාටීන්ට සමගාමීව
නව වෙනස්කම් හඳුන්වාදී සේවකයා එ සඳහා අනුගත කරවීමයි, එක් වරටම සියල්ල වෙනස්වීමක් තුලින්
සේවකයා අහසින් වැටුනා මෙන් හැසිරීම පුදුම වන්නට කරුනක් නොවන බව ඔබ තෙරුම්ගත් යුතුය.වෙනසක්
කලයුතු වන්නේ සුදුසු කාලයේ සුදුසු අවස්ථාවකදීය.
ආයතනික කළමනාකරණය ඒ සඳහා තම දැනුම උපයෝගී කොටගෙන වෙනස සඳහා වූ සියල්ල තීරණය කිරීම තුලින්
එය නිසි අවස්ථාවේ ප්‍රතිඵල උපරිම වන පරිදි හා සඵලදායීබව ඉහල යන් පරිදි වෙනස ක්‍රියාවට
නැංවිය යුතුය.
මෙම
සියලුම පැහැදිලි කිරීම් තුලින් උත්සාහ දරන ලද්දේ සියලුම කළමනාකරීත්ව ක්‍රියාවලීන් තුලදී
ප්‍රධාන සාධකය විය යුත්තේ සේවකයා හෙවත් මානව සම්පත බවයි. එනම් සෑම වෙනසක්ම ගැටළුවකට මුල පිරීමක් වීමට ඉඩක්
නොදිය යුතුය. ගැටළු ඇතිවන්නේ ස්වාභාවිකත්වය වෙනස්කිරීමට යාමෙනි. ස්වාභාවික හා සජීවී
එකම සම්පත මානව සම්පතයි. එම නිසා සියලුම දිගුකාලීන හා කෙටිකාලීන වෙනස්කම් වලට යොමුවීමෙදී
සැලකිලිමත්විය යුතු වටිනාම වත්කම මිනිසුන් වේ.
මාගේ පලමුවැනි ලියමන මෙයයි. ඔබේ අදහස්, යෝජනා, ඉතා අගය කරමි.
ReplyDeleteActually it's a valuable work. As a non HRM students we can get many facts from these articles. Keep it up macahan.
ReplyDelete