- · සේවකයන්ගේ අතෘප්තිකරභාවය
- · සන්නිවේදන ජාල බිඳවැටිම
- · සේවකයන් අතර ආකල්ප ගැටළු
අද
පවත්නා ව්‍යාපාර මුහුනදෙන සේව්‍ය සේවක සබඳතා බිඳදැමීමට සමත් ඉහත කරුණු දෙස හොදින් නිරීක්ෂණය කරන්න.
සෑම මානව සම්පත් කළමනාකරුවකු විසින්ම අද පිලිතුරු සොයන්නේ ඉහත ගැටලු නිරාකරණය කරගැනීමට
වේ. මේ සියල්ලම පිලිතුරු ලැබේ නම් ඔබේ ගැටලුව සම්පූර්ණයෙන් නිරාකරණය වී සේවක ප්‍රසාදය
දිනාගැනීමට හැකිවේ.
වර්තමානයේ
තම සේවක සම්පත් කෙරෙහි ඇතිකර ගතයුතුයැයි හඳුනාගත් නැවුම් දර්ශනයක් වේ. එනම් සේවකයා
අභ්‍යන්තර පාරිභෝගිකයකු ලෙස දැකීමය. තෘප්තිමත්
වූ පාරිභෝගිකයා යනු සෑම විටකම තමා අපේක්ෂිත මට්ටමට වඩා යමක් ලබාගෙන තෘප්තිමත් වන්නෙකි.
එසේනම් සේවකයාටද එලෙස ඔහු බලාපොරොත්තුවන දෙයට වඩා වැඩියමක් ලබාදී තෘප්තිමත් කලයුතුය.
සේවකයා හොදින් නිරීක්ෂණය කිරීමෙන් සේවක අපේක්ෂා හඳුනාගත හැකිය. පසුව සේවකයා ඒ පිලිබඳව
ඉල්ලීම් කිරිමට ප්‍රථමයෙන් ඒ පිළිබඳව ඔහු තෘප්තිමත් කිරීමට කළමනාකරුවන් වගබලාගත යුතුය.
පහතින්
දැක්වෙනුයේ ඔබ ඔබේ සේවකයාගේ තෘප්තිය ඇතිකිරීමට යාමේදී පිළිපැදිය යුතු වැදගත් පියවර
කිහිපයකි.
පළමුව
ඔබ කළයුත්තේ ඔබේ සේවකයාට අවශ්‍ය කුමක්ද යන්න වටහා ගැනීමය. නිශ්චිතව නොහැකිවූවත් ආසන්නවම
අනුමාන කල යුතුමය. දෙවනුව ඔබට ඔහුගේ අවශ්‍යතාව කරා පහසුවෙන් පියවර තැබිය හැක්කේ කෙසේද
යන්න නිගමනය කලයුතුය. ඔබට පහසුවෙන් කලහැකි ඉතා කුඩා දෙයක් ඉතාවිශාල වෙනසකට මුලපිරීමක්
වියහැක. එබැවින් සැමවිටම නිවැරදි මාර්ගය තෝරා ගැනීමට උත්සුකවීම ප්‍රධානියා වශයෙන් ඔබේ
යුතුකම වේ.
තෙවැනුව
ඔබ තීරණවලට එළඹීමට මත්තෙන් සේවකයාගේ පාර්ශවයෙන් සිතිය යුතුය, එනම් ප්‍රධානියා වශයෙන්
සේවක තෘප්තිය නැංවීමට යොමුවන දෙයක් , සේවකයාගේ පාර්ශවයෙන් සිතා එය සේවකයාට වැදගත් වේද?
නැද්ද? යන්න තීරණය කලයුතුය. එවිට ඔබ සත්‍යවශයෙන්ම එය අවශ්‍ය දෙයක් යැයි තහවුරු කරගතහොත්
නොපසුබටව එය ඉටුකරන්න.
සිදුකරන්නා
වූ සෑම උත්සාහයක්ම ඔබේ සේවකයාගේ යහපත හා තෘප්තිය උදෙසා සිදුකරන්නක් බවට ඔබ ඔහුට ඒත්තු
ගැන්විය යුතුය. එවිට ඔබ සහ සේවකයා අතර බැදීම තහවුරු වී විශ්වාසයක් ගොඩනැගේ , එතුලින්
ඔබ අපේක්ෂා කරන මට්ටමට ළඟාවීමට පහසුවක් වේ.
හැකි
සෑම අවස්ථාවකදීම ඔබ ඔබේ සේවකයා , එනම් අභ්‍යන්තර පාරිභෝගිකයාගෙන් ප්රතිපෝෂණයක් ලබාගත
යුතුය. එනම් ඔහුගේ අදහස් ඔබ තුලට ගත යුතුය. ඔබ සිතන ආකාරයට අපට වැරදී ඇත්තේ කොතනද?
, අපිට එය මඟහරවා ගෙන වර්ධනීය ත්ත්වාකට යා හැක්කේ කෙසේද? අපි අපේක්ෂිත මට්ටම ඉක්මවා
අපට ඉදිරියට යා හැක්කෙ කෙසේද? ඔබ් සිතන ආකාරයට නිවැරදි තීරණය කුමක්ද? .... මෙවැනි ප්‍රශ්න
ඔබ තුලින් සේවකයා වෙත යොමුවිය යුතුය. එතුලින් ඔබට ඔහුගෙන් ප්රතිපෝෂණයක් ලබාගතහැකි
මෙන්ම ඔහුට ඔහු ආයතනය තුල වැදගත් චරිතයක් යැයි ස්වයං තෘප්තියක් ඇතිකිරීමටද හැකියාවක්
ලැබේ.
ලබාගන්න
වූ ප්රතිපෝෂණයන්ගෙන් පසු ඔබ ඔබ නිහඬව සිටින්නේද යන්න ඔබම තීරණය කලයුතුය. ඔබ නිහඬව
සිටීනම් ඔබේ අරමුණ සාක්ෂාත් වීමට් ඉඩක් නැති බව මතකතබා ගත යුතුය. අවම වශයෙන් ඔබේ සේවකයා
ඔබට ලබාදුන් ප්‍රතිපෝෂණ මත පදනම්ව එකදු නිවැරදි තීරණයක් හෝ ගතයුතුය. ඒවායෙන් අවම වශයෙන්
එකක් හෝ නිවැරදි තීරණයක් හෝ යෝජනාවක් තිබිය යුතුමය. මන්දයත් ඔබේ සේවකයා ඔහු මුග්ධයකු
හෝ ආයතනයට ආදරය නොකරන්නකු බවට පෙන්වීමට ඔහුගේ
ප්‍රතිචාර තුලින් උත්සාහ නොදරන බැවිනි.
මෙසේ
ඔබට සෑම දිනකම එකම ආකාරයට සේවකයා තෘප්තිමත් කලනොහැකි වේ . එනම් අද භාවිතා කරන ක්‍රමවේදය
හෙටට නොගැලපෙන නිසාවෙනි. ඔබ සැබැවින්ම ඔබ්බේ
සේවකයාගේ ආකල්ප , අභිලාෂ වර්තමානයට් ගැලපිය
යුතුය. ඔබ සේවකයාට ඔහුගේ උපන්දිනයට සුහ පතුම් පතක් යවා ඔහුගේ විවාහ සංවත්සරයටද සුභ
පැතුමක් යැව්වොත් එහි අගයක් නැත. ඔබ එදිනට පුංචි තිළිණයක් පිලිගන්වන්න. වෙනස ඔබටම අත්විඳිය
හැක.
ඉහත සඳහන් කරන ලද්දේ ඔබට පෞද්ගලිකව ඉටුකලහැකි පියවරයන් කිහිපයකි. ඊට අමතරව සමස්ථ සේවක
මණ්ඩලය වෙත කරන්නාවූ පොදු ක්රියාපිලිවෙත්ද මනා ලෙස ඉටුකිරීමට වගබලාගත් යුතුය. එනම්
ත්‍යාග හා පාරිතෝෂික් ලබාදීම , සේවක දායකත්වයන් ඇගයීම , ණය පහසුකම් සැපයීම , සෞඛ්‍ය
හා සුභ සාධන , පුහුණු හා සංවර්ධනය , වැටුප්
වර්ධක ආදී ක්‍රියාවලීන් වේ.
සත්‍ය
වශයෙන්ම ඔබ සැබෑ නායකයකු වශයෙන් මෙහි ඇති වගකීම
වටහාගත් විට මෙය ඉතා සරල හා සතුටුදායක කාර්යයකි. මන්දයත් ඔබ ඇති කරගන්නේ අමිල වූ වස්තුවක්
වන මිනිසුන් පිරිසක් වන බැවිනි.
making a link between employees interests and organizations overall goals is one of the most favorable HR practices for attaining maximum benefits to both parties.
ReplyDeleteතෘප්තිමත් සේවකයා ආයතනයේ සපලත්වය 12% ඉහල නැග්ව්මට දායකවන අතර අසතුටුදායක සේවකයා ආයතනයේ සපලත්වය 10% පහළ ඩේම්මට දායක වේ.
ReplyDelete